Sunday, January 12, 2025

ප්‍රකට ව්‍යාපාරික ලයිකා මොබයිල් සමාගමේ අධිපති අල්ලිරාජා සුභාෂ්කරන් ගරැ බුහුමන් සහිතව ලංකාවට පය තබයි

ජාත්‍යන්තර මුදල් විශුද්ධිකරණය පිළිබඳව බරපතළ චෝදනා එල්ල වූ යහපාලන රජය සමයේ එවකට විපක්ෂයේ බරපතළ චෝදනාවට ලක්වූ බ්‍රිතාන්‍යයේ පදිංචි ව්‍යාපාරික අල්ලිරාජා සුභාෂ්කරන් හදිසියේ ම මෙරටට පැමිණ කොළඹ පිහිටි තරු පහේ හෝටලයක නවාතැන් ගෙන සිටින බව වාර්තා වේ.

මුදල් විශුද්ධි කරණය චෝදනාව යටතේ ලෝකයේ බොහෝ රටවල් සුභාෂ්කරන් අලිරාජාට එම රටවලට ඇතුළු වීමට තහංචි පනවා ඇති අතර ත්‍රස්තවාදී අරමුදල් පාවිච්චි කිරීම යන චෝදනාව යටතේ ඒ රටවල ව්‍යාපාරික අවස්තා ලබා නොදීමටද කටයුතු කර ඇත.

සුභාෂ්කරන් අලිරාජා ඊයේ රාත්‍රියේ කොළඹ තරු පන්තියේ හෝටලයකදී සාදයක්ද පවත්වා ඇති අතර ඊට ප්‍රභූන් ගණනාවක්ද සහභාගී වී ඇති බව ආරංචිමාර්ග සඳහාන් කරයි.

මොහු පසුගිය යහපාලන රජය සමයේ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය ඇතුළු එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට්ස් සමාගම් සමූහයේ දේපළ මිල දී ගැනීමට කටයුතු කළේ ය.

ඔහුට එම දේපළ විකිණීම සිදුව ඇත්තේ, ඒවා ලබාගෙන ඇත්තේ ත් නීතිවිරෝධී අයුරින් බව එම සමාගමේ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම මගින් නිර්දේශයට ලක් කර සිටි අයෙකු වීම විශේෂත්වයකි.

සුභාෂ්කරන් අලිරාජා ඊයේ රාත්‍රියේ කොළඹ තරු පන්තියේ හෝටලයකදී සාදයක්ද පවත්වා ඇති අතර ඊට ප්‍රභූන් ගණනාවක්ද සහභාගී වී ඇති බව ආරංචිමාර්ග සඳහාන් කරයි.

අල්ලිරාජා සුභාෂ්කරන් 1972 වසරේදී මුලතිව්, මුල්ලියාවලිහිදී උපත ලබා තිබේ. 2006 වසරේදී Lycamobile සමාගම ආරම්භ කළ ඔහු මේ වන විට බ්‍රිතාන්‍යයේ දැවැන්ත ව්‍යාපාරිකයෙකු බවට පත්ව සිටී.

Lycamobile සමාගම මේ වන විට ලෝකයේ රටවල් 18ක පමණ ක්‍රියාත්මක වේ.‍‍

ඔහුට අයත් Lycra Productions ආයතනය 2008 වසරේදී පිහිටුවා ඇති අතර දෙමළ චිත්‍රපට රැසක් ඒ මගින් නිෂ්පාදනය කර තිබේ.

ඔහුගේ වත්කම් මේ වන විට පවුම් මිලියන 160 (රුපියල් මිලියන 28793)ක් පමණ වන බව වාර්තා වේ. සුභාෂ්කර් බ්‍රිතාන්‍යයේ ධනවතුන්ගේ ලයිස්තුවේ 640 වන ස්ථානයේ පසු වන බව ද පැවසේ.

කළු සල්ලි සුදු කරමින් මෙරට ව්‍යාපාර ගණනාවක තමන්ගේ අනසක පතුරවමින් සිටින අල්ලිරාජා දෙමළ කොටි ඩයස්පෝරාවටද මුදල් පොම්ප කල බවට චෝදනා ගණනාවකට ලක්ව සිටි අයෙකි.

ලෝකයේ රටවල් ගණනාවක් අසාධු ලෙඛන ගත කර ඇති සුභාෂ්කරන් අලිරාජා ට අයත් ලයිකා මොබයිල් ආයතනයට මෙරට ව්‍යාපාරික කටයුතු කිරීමට පසුගිය රජය සමයේදී ඉඩ ලබා දුන් අතර ඒ අනුව මෙරට බංකොලොත් වූ සමාගමකට අයත් මාධ්‍ය ආයතන ජාලයක හිමි කාරීත්වය ඔහු සතු කර ගත්තේය.

පෙරකී බංකොලොත් වූ සමාගමට අයත් ඉතිරි ආයතන සමූහය මිලට ගැනීම සම්බන්ධයෙන් වූ අවශ්‍ය කටයුතු කිරීමට මොහු මෙලෙස දිවයිනට පැමැණ ඇත.

පසුගිය දිනවල ඔහු විසින් නීතිවිරෝධීව මිලට ගනු ලැබූ මාධ්‍ය ආයතනය නැවතත් රජයට පවරා ගැනීමේ කසු කුසුවක්ද කනින්  කොනින් අසන්නට ලැබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles