Thursday, January 23, 2025

ප්‍රතිකාර නැතුව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති මියගිහින්

නිසි ප්‍රතිකාර නොමැතිව විශ්‍රාමික නියෝජ්‍ය ‍පොලිස්පතිවරයෙක් නාරාහේන්පිට ‍පොලිස් රෝහ‍ලේදී මියයාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙසේ මියගොස් ඇත්තේ විශ්‍රාමික නියෝජ්‍ය ‍පොලිස්පති ලියෝ පෙරේරාය.
මෙම මරණය පිළිබඳ විශ්‍රාමික ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරු පිරිසක් ‍පොලිස්පති පූජිත් ජයසුන්දරට කරන ලද පැමිණිල්ලකට අනුව එම විමර්ශනය ආරම්භ කර ඇත.
අපරාධ නීතිය යටතේ හිතාමතා ච්ෙතනාන්විතව රෝගියෙකු ප්‍රතිකාර නොදී සිටීම වරදක් බවත් හිටපු ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති ලියෝ පෙරේරා මහතාට ද සිදුව ඇත්තේ එවැන්නක් බව මූලික සොයා බැලීමකදී පෙනී ගිය බැවින් පරීක්ෂණයක් ඉල්ලා සිටි බව විශ්‍රාමික ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එච්.එන්.ජී.බි. කොටකදෙණිය සඳහන් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණයෙන් එම විමර්ශනය සිදුවේ.
‍පොලිස් රෝහ‍ලේදී ඔහුට නිසි ප්‍රතිකාර නොලැබි ඇති බවත් රාත්‍රී කාලයේ රෝහල තුළ සේවයේ නිරතව සිටිය යුතු වෛද්‍යවරු පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවල සේවයේ නිරතව සිට ඇති බවත් මූලික සොයා බැලීම්වලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙනී ගොස් තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles