Wednesday, January 15, 2025

ප්‍රතිශක්තිකරණය අපේක්ෂිත මට්ටමට ළඟා වුවහොත් සෞඛ්‍ය නීතිරීති ලිහිල් කළ හැකියි. මුහුණු ආවරණ දැන්ම පැළදීම ඉවත් කරන්න බෑ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමෙන් පසු මෙරට සියලු ජනතාවගේ ප්‍රතිශක්තිකරණය අපේක්ෂිත මට්ටමට ළඟා වුවහොත් දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කිරීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

බූස්ටර් එන්නත රටේ ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් ලබාගත් පසු එවැනි ලිහිල් කිරීමට යෑමට හැකිවනු ඇති බවද හෙතෙම සඳහන් කළේ‍ය.

මේ නිසා බූස්ටර් එන්නත කඩිනමින් ලබා ගන්නයි ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

මේ දිනවල පැතිර යන ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් දැනට කිසිසේත්ම මුහුණු ආවරණ ඉවත් කිරීමේ හැකියාවක් නොපවතින බව ඔහු සඳහන් කරයි.

ඒ අනුව මුහුණු ආවරණ නොපැළඳ සිටීමට සහ උත්සව පැවැත්වීම ඇතුළු දෑ සඳහා අවසර ලබාදෙමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කිරීමේ හැකියාව පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පවතින තත්ත්වය හමුවේ මේ වනවිට කොරෝනා මර්දන හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල පහසුකම් ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත්, එන්නත්කරණයේ සාර්ථකත්වය සමග හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙන කොරෝනා ආසාදිතයන්ගේ සාපේක්ෂ අඩුවීමක් නිරීක්ෂණය වන බවයි හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සඳහන් කළේ.

බූස්ටර් මාත්‍රාව 40% කට ආසන්න ප්‍රමාණයකට පමණක් තවම ලබා දී ඇති අතර එය 70% ක් 80% ක ප්‍රමාණයකට පැමිණි පසු දැනට පවතින මාර්ගෝපදේශ ඉවත් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි සිතිය හැකි බව ඔහු පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles