Saturday, September 21, 2024

ප්‍රදේශ රැසක් ආපදාවට ලක්වෙයි – ආපදාවන් දැනුම් දීමට විශේෂ දුරකථන අංකයක්

දිවයින පුරා පවතින වැසි තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක් මේ වනවිට ආපදාවට ලක්ව තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කලේ පසුගිය 25දා සිට මේ වනතෙක් පුද්ගල මරණ 5ක් සිදු වී ඇති බවයි.

ගංගාවල ජල මට්ටම් ඊයේ (07) සිට ඉහළ ගොස් ඇති බවත් මධ්‍යම කඳුකරයේ ප්‍රදේශ වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇති බවත් පුද්ගලයින් 251ක් පමණ ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවත් තව දුරටත් ජනතාව ඉවත් කිරීමේ කටයුතු සිදුවන බවත් ඒ මහතා සඳහන් කළා.

නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් අවධාරණය කලේ එමෙන්ම නාය යෑම් අනතුරු ඇඟවීම් පිළිබඳ දැඩි අවධානයෙන් සිටින ලෙසත් ආපදාවට ලක්වී සිටිනම්, අවදානමක් තිබෙන ප්‍රදේශයක ඔබ සිටි නම් හෝ ආපදාවට ලක්වේ යයි සිතේ නම්, පැය 24 පුරා ක්‍රියාත්මක 117 අංකයට නොමිලේ සම්බන්ධ වි දැනුම් දිය හැකි බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles