Tuesday, September 24, 2024

ප්‍රදේශ රැසක හිඟය තවමත් – ගෑස් නැවේ බෙදාහැරීම් අද ඇරඹේ

දිවයින පුරා ගෑස් අලෙවි මධ්‍යස්ථාන වෙත ගෑස් බෙදාහැරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව ලිට්රෝ සමාගම පවසනවා.

කොළඹ වරායේ නැංගුරම්ලා ඇති නෞකාවලින් ගොඩබාන ලද ගෑස් මධ්‍යම ගබඩාව වෙත රැගෙන ගොස් එතැන් සිට ප්‍රාදේශීය අලෙවි මධ්‍යස්ථාන වෙත බෙදා හැරෙන බව ලිට්රෝ සමාගම සඳහන් කළා.

පවතින ඩොලර් අර්බුදය හමුවේ ගෑස් නෞකා 3 ක් දින ගණනාවක් පුරා කොළඹ වරායේ නැංගුරම්ලා තිබුණා.

ඒවායෙන් ගෑස් නිදහස් කර ගැනීමට හැකිව ඇත්තේ මුදල් අමාත්‍යංශය මගින් ඊයේ ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15 ක මුදලක් ගෙවීමත් සමගයි.

ඒ අනුව අදාළ ගෑස් නෞකා 3 න් පළමු නෞකාවේ ගෑස් ගොඩබෑමේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ කෙරුණා.

ලිට්රෝ සමාගම සඳහන් කළේ අද දින අවසන් වන විට එහි අන්තර්ගත ගෑස් මෙටි්‍රක් ටොන් 2600ම ගොඩබා අවසන් කිරීමට කටයුතු යොදා ඇති බවයි.

අනෙක් නෞකා 2 තුල පවතින තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක ගොඩබෑමේ කටයුතු හෙට සහ අනිද්දා දින වල සිදුකරන බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් දිවයිනේ ප්‍රදේශ රැසක අලෙවි මධ්‍යස්ථාන අසල ගෑස් මිලදී ගැනීම සඳහා පැමිණි පාරිභෝගිකයන්ගේ දිගු පෝලිම් තවමත් පවතී.

ගෑස් නොමැති වීම හේතුවෙන් හෝටල් සහ ආපනශාලාවල ආහාර පිලියෙල කිරීමේ කටයුතු වලටද තවදුරටත් දැඩි බාධා එල්ල වී තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles