Saturday, September 21, 2024

ප්‍රධාන පාසලක සිසුන් දෙදෙනෙකුට කොවිඩ්

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ අනුව එම දරුවන් දෙදෙනා ඉගෙනුම ලැබූ පන්ති කාමර දෙක වසා දැමීමට තීරණය කළ බව අදාළ පාසලේ පාලනාධිකාරිය පැවසීය.

මෙම දරුවන් දෙදෙනාගේ පියාට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති අතර ඒ අනුව සිදුකළ PCR පරීක්ෂණයේදී දරුවන් දෙදෙනාට ද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණි.

මේ අතර වවුනියාව ප්‍රදේශයේ සංචාරක බංගලාවක් විවෘත කිරිමේ උත්සවයට සහභාගී වූ නීතිඥවරයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් එම උත්සවයට සහභාගී වූ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබුණි.

කෙසේවෙතත් එහි ප්‍රතිපලවලට අනුව කිසිදු අයෙකුට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළාය.

මේ අතර මහරගම අපේක්ෂා රෝහලෙන් මේ දක්වා කොවිඩ් -19 ආසාදිතයින් 33 දෙනෙකු හඳුනාගෙන ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පැවසීය.

කෙසේවෙතත් ඉන් කිසිදු රෝගියෙකුට රෝහල තුළදී වෛරසය ආසාදනය වී නොමැති බව අවධාරණය වේ.

ඒ හේතුවෙන්  ප්‍රතිකාර සඳහා අපේක්ෂා රෝහලට පැමිණීමේදී අනියත බියත් ඇති කර ගතයුතු නොවන බව රෝහල් අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.

මේ අතර අනුරාධපුර මෙත්සිරි සෙවන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට දෛනිකව අවශ්‍ය වන විෂබීජහරණ දියර ඔවුන් විසින්ම නිපදවා ගැනීමට පියවර ගෙන ඇත.

එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ වෙළෙඳපොළ තුළ පවතින මිලට වඩා කැපී පෙනෙන ලෙස අඩු මිලකට විෂබීජහරණ දියර නිෂ්පාදනය කිරීමට ඔවුන්ට හැකිවූ බවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles