‘ප්‍රන්ස පෙම්වතා’ සිරිලකට…

0
364
PARIS, FRANCE - JUNE 22: French President Emmanuel Macron gestures at Elysee Palace on June 22, 2023 in Paris, France. The French president met with political and business leaders at a summit for a new global financial pact, including Paris with representatives of around a hundred countries, including around forty Heads of state and government, representatives of international organizations and financial institutions, and notable figures in civil society, academia, and the private sector. (Photo by Christian Liewig - Corbis/Getty Images)

ප්‍රන්ස ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා වනාටු සහ පැපුවා නිව්ගිනියා සංචාරය නිමකර නැවත ප්‍රංශය බලා ගමන් කිරීමට පෙර අද (28) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ‘එලීසේ මාළිගය’ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

ප්‍රන්ස ජනාධිපතිවරයකු ශ්‍රී ලංකාවේ සංචාරය කරන ප්‍රථම අවස්ථාව මෙය වීම හේතුවෙන් එමානුවෙල් මැක්‍රොන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය ඓතිහාසික වනු ඇති බව එම නිවේදනයේ දැක්වේ.

අද (28) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රංශ ජනාධිපතිවරයා හෙට (29) උදැසන ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත බවත් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ රැඳී සිටිනා කෙටි කාලය තුළ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත බවත් එලීසේ මාළිගය පවසා තිබේ.ජනාධිපතිවරයාගේ මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර ද්වි පාර්ශ්වික සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාවක් වනු ඇති බවත් දෙරට මුහුණදෙන කලාපීය සහ ජාත්‍යන්තර අභියෝග පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාවක් වනු ඇති බවත් එලීසේ මාළිගය පෙන්වා දී ඇත.

එලිසේ මාළිගය ප්‍රංශ ජනාධිපතිවරයාගේ නිල නිවස වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here