Saturday, January 11, 2025

ප්‍රබල ඉන්දියාව පසු කරමින් නැමීබියාව ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානයට

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කර ගැනීමට එංගලන්තය හා පාකිස්තානය සමත්වී තිබෙනවා.

ඒ අනුව පළමු කණ්ඩායම යටතේ තරඟවදින එංගලන්ත කණ්ඩායම ශුද්ධ ලකුණු වේගය 3.614 ක රඳවා ගනිමින් ප්‍රසාද ලකුණු 4 ක් ලබාගෙන තිබෙනවා.

එම කණ්ඩායමේ දෙවන ස්ථානයේ රැදී සිටින්නේ ශ්‍රී ලංකාවයි.

ශ්‍රී ලංකාව ශුද්ධ ලකුණු වේගය 0.583 ක රඳවා ගනිමින් ප්‍රසාද ලකුණු 2 ක් ලබාගෙන තිබෙනවා.

මේ අතර දෙවන කණ්ඩායම යටතේ පෙරමුණ ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායම ශුද්ධ ලකුණු වේගය 0.738 ක රඳවා ගනිමින් ප්‍රසාද ලකුණු 4 ක් හිමිවී තිබෙනවා.

එම කාණ්ඩයේ මෙතෙක් පළමු ස්ථානයේ රැඳි සිටි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

ඒ ශුද්ධ ලකුණු වේගය 6.500 ක රඳවාගෙන ප්‍රසාද ලකුණු 2 ක් ලබා ගනිමින්.

දෙවන කණ්ඩායම නියෝජනය කරන නැමීබියාව මේ වන විට එම කණ්ඩායමේ 3 වන ස්ථානයට පත්ව තිබෙන්නේ ප්‍රභල ඉන්දියාව හා නවසීලන්ත කණ්ඩායම් 4 වන ස්ථානයට හා 5 වන ස්ථානයට ඇද දමමින්.

ඒ අනුව නැමීබියාව ශුද්ධ ලකුණු වේගය 0.550 ක රඳවා ගනිමින් ප්‍රසාද ලකුණු 2 ක් ලබාගෙන තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles