Saturday, September 21, 2024

ප්‍රබල ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ හමාස් නායකයෝ මරුට….

පලස්තීනයේ හමාස් සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද සටන් විරාම ඉල්ලීම ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්නියාහු විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට ඊශ්‍රායෙල් අගමැතිවරයා විසින් විසින් ඊයේ දිනයේදී විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවා තිබුණා. 

එහිදී ඔහු සඳහන් කර සිටියේ හමාස් සංවිධානය යටත් වන තෙක් සියලු ඉලක්ක වෙත ගුවනින් ප්‍රහාර එල්ල කරන බවත්, අවශ්‍යනම් ගොඩබිම් මෙහෙයුම් ද දියත් කිරිමට සුදානම් බවයි.

“ ඔවුන් සිහිනෙකින්වත් නොසිතන අයුරින් අපි ඔවුන්ට ප්‍රහාර එල්ල කරනවා” ඊශ්‍රායෙල් අගමැතිවරයා කියා තිබෙනවා.

හමාස් සංවිධානය විසින් ඊයේ දිනයේදී රුසියානු විදේශ අමාත්‍යාංශය හරහා සටන් විරාමයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදුකර සිටියා. ඒ වුවත් ඊශ්‍රායල් අගමැතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඉකුත් සඳුදා සිට ගාසා තීරයට ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරනු ලබන ගුවන් ප්‍රහාර වලින් හමාස් සංවිධානයේ අණ දෙන නිලධාරින් 09 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

හමාස් සංවිධානයේ බුද්ධි අංශ ප්‍රධානියා, මිසයිල නිර්මාණ අංශයේ ප්‍රධානි සහ ගාසා තීරයේ හමාස් සංවිධාන අණ දෙන නිලධාරියා ඊශ්‍රායෙල් ගුවන් ප්‍රහාර වලින් ජිවිතක්ෂයට පත්වූ බවයි වාර්තා වන්නේ.

හමාස් සංවිධානය විසින් එල්ල කරනු ලැබූ රොකට් ප්‍රහාර 1,000 කට වඩා වැඩි සංඛ්‍යාවකින් ඊශ්‍රායෙල් වැසියන් 07 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අතර ඊශ්‍රායලය විසින් සිදුකළ ප්‍රහාර වලින් පලස්තීන වැසියන් 67 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ. 

මේ වන විට ඊශ්‍රායාලය විසින් හමාස් සංවිධානයේ ඉලක්ක සඳහා ගුවන් ප්‍රහාර 650ක් එල්ල කර ඇත.

ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්ත්වය දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් පවතින බවත් දෙපාර්ශවයම මෙය සාකච්ජා කොට විසඳා ගත යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලොව රටවල් කිහිපයක්ම ඉල්ලීම් සිදුකර තිබෙනවා.
NETH NEWS

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles