Friday, September 20, 2024

ප්‍රබුද්ධ රාජ්‍යයක් ගොඩනගනවා – ජනපති ජගත් සමුළුවේදී කියයි

ස්වදේශවාදී චින්තනය පදනම් කර ගනිමින් අන්තර්ජාතික සහයෝගය සහ සාමූහිකත්වය තුළ ලෝකයේ ප්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීම තම අරමුණු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වන මහා සමුළුව අමතමින් ලෝක නායකයන් වෙත අවාධාරණය කර සිටියේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ 71 වන සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ 22 අලුයම 1.45ට පමණ අමතනු ලැබිය.
ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරමින් ජාතික සංහිඳියා පිළිවෙත ශක්තිමත් කිරීමට නව රජය කැපවී සිටින බවද පැවැසූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව තුළ නැවත යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය සියලු පියවරයන් ගන්නා බවද අවධාරණය කළේය.
ස්වදේශවාදී දැක්මක් සහිතව  සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ගමනකට අද ශ්‍රී ලංකාව මුල පුරා ඇති බවත් ඉතා ඉවසීමෙන් සහ සංයමයෙන් යුතුව එම ගමන යා යුතු බවත් මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා එම ඉලක්ක කරා ළඟාවීමට ලෝකයේ සියලු රාජ්‍යයන්හි හා අන්තර්ජාතික සංවිධානවල සහය තමා අපේක්ෂා කරන බවද කියා සිටියේය.
2017 වර්ෂය ශ්‍රී ලංකාව දුගී භාවයෙන් නිදහස් කර ගැනීමේ වර්ෂය ලෙස නම් කර තිබෙන අතර ආර්ථික සංවර්ධනය මුල්කරගත් රටක ජනතාවගේ සියලු ප්‍රශ්න විසඳීම සඳහා අවශ්‍ය මූලික පහසුකම් සම්පාදනය කිරීමට තමා ප්‍රමුඛත්වය දී තිබෙන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා සමුළුව අමතමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
විශේෂයෙන් පාසල් දරුවන්ට සහ තරුණ පරපුරට පිළිලයක් වී ඇති මත් උවදුර මැඩලීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය මීට වඩා යොමු විය යුතු බව මෙහිදී පැවැසූ ජනාධිපතිවරයා ඒ සඳහා වඩා විධිමත් සහ ශක්තිමත් ජාත්‍යන්තර වැඩපිළිවෙතක අවශ්‍යතාවයද අවධාරණය කළේය.
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය අමතමින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කළ දේශනය සැසියට සහභාගි වූ සියලු රාජ්‍ය නායකයන්ගේ විශේෂ අවධානයට යොමු වූ අතර මත් උවදුර මැඩලීම පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අනුගමනය කරන සෘජු පිළිවෙත ඇගයීමට ලක් කෙරිණි. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles