ප්‍රභාකරන්ගේ පරිවර්තක “ජෝර්ජ් මාස්ටර්” මියයයි.

0
382

එල්.ටී.ටී.ඊ. හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පරිවර්තකයා ලෙස කටයුතු කළ වේලුපිල්ලේ කුමාරු පංචරත්නම් නොහොත් ජොර්ජ් මාස්ටර් මරණයට පත්ව තිබෙනවා.

හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (05) ඔහු ජීවිතක්ෂයට පත්වන විට 85 වැනි වියේ පසු වූණා.

වෘත්තියෙන් තැපැල් ස්ථානාධිපතිවරයකු වූ ඔහුව කොටි සංවිධානය තුළ හඳුන්වන ලද්දේ “ජෝර්ජ් මාස්ටර්” යන නමිනුයි.

වෘත්තියෙන් තැපැල් ස්ථානාධිපතිවරයකු වූ වේලුපිල්ලේ කුමාර් පංචරත්නම් එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළ හඳුන්වන ලද්දේ ජෝර්ජ් මාස්ටර් යන නමිනි.

දෙමළ භාෂාවට අමතරව සිංහල සහ ඉංග්‍රීසි භාෂා චතුර ලෙස දැන සිටි අයෙක් බව කියැවේ.

ශ්‍රී ලංකා රජය සහ කොටි සංවිධානය අතර රට තුළ සහ විදේශයන්හි පැවැත්වුන සාම සාකච්ඡාවන්හි දී භාෂා පරිවර්තකයකු මට්ටමින් ඒවාට සහභාගී විය.

යුද්ධය නිමාවේ යුදකලාපයෙන් පිටව අනාථ කඳවුරකට පැමිණීමෙන් පසු අත්අඩංගුවට පත්වූ ජෝර්ජ් මාස්ටර් නීතිපති උපදෙස් මත හත්වසරකට පසු 2016 ජුලි 04 දා ඇප මත මුදා හරිනු ලැබුණි.

ජාත්‍යන්තර අර්බුද පිළිබඳ සමූහයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ඇලන් කීනන් මේ පිළිබඳ තබා ඇති සටහනක දැක්වෙන්නේ ජෝර්ජ් මාස්ටර් සමඟ බොහෝ රහස් ද වැළලී යනු ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here