Friday, January 24, 2025

ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් රට තුළ තියෙනවා – ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඉදිරි මාසයක් සඳහා ඉන්ධන සංචිතයක් රට තුළ ඇති බවත් ඉදිරි මාස කීපයක සඳහා ඉන්ධන මිලදී ගැනීමට විදේශ සැපයුම්කරුවන් සමඟ ගිවිසුම්ගතව ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පැවසීය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබෙන ගබඩා පහසුකම්වල ධාරිතාවට ඉන්ධන සංචිතය පවත්වා ගැනීම සාමාන්‍ය තත්වය බවත් නිරෝධායන ඇඳිරිනීතියත් සමඟ ඉන්ධන පරිභෝජනය පහත වැටීම නිසා රට තුළ තිබෙන ඉන්ධන ප්‍රමාණය තවත් වැඩි විය හැකි බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා කීය.

රට තුළ කිසිඳු ඉන්ධන හිඟයක් නොමැති බව සඳහන් කළ සුමිත් විජේසිංහ මහතා ඉදිරියේදී ද එවැන්නක් උද්ගත නොවන බව ද සඳහන් කළේය.

ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණයක් ලබාගැනීමට සූදානම් වන බවට පළවන මාධ්‍ය වාර්තා සමගින් ඉන්ධන හිඟයක් ඇතිවේ යැයි ජනතාව තුළ නැවතත් බියක් නිර්මාණය වී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles