ප්‍රමිතියෙන් තොරව ලිට්‍රෝ සමාගම විසින් ගෙන්වූ ගෑස් ගොඩබෑම තහනම් කරයි

0
324

මෙරටට පැමිණි ගෑස් නෞකාවෙන් ලබාගත් ගෑස් සාම්පල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නියමිත ප්‍රමිතියට අනුකූල නොවන බව අනාවරණය වී තිබේ.

මෙහිදී ගෑස් කාන්දුවකදී කටුක ගන්ධයක් නිකුත් කිරීම සඳහා එක් කෙරෙන එතිල් මර්කැප්ටන් නම් රසායනික ද්‍රව්‍යය අදාළ ගෑස් තොගයේ අඩංගුව ඇත්තේ පහත මට්ටමක බව සදහන් වේ.

එම නිසා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ලිට්රෝ සමාගමට උපදෙස් දී ඇත්තේ SLSI ප්‍රමිතීන්ට අනුකූල නොවන නිසා ගෑස් තොගය ගොඩ බෑම සිදු නොකරන ලෙසයි.

මෙලෙස ගෑස් මෙට්ට්‍රික් ටොන් 3700 ප්‍රමාණයක් එසේ ගොඩබෑම නතර කර ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව එම ලිට්‍රෝ ගෑස් තොගය ගොඩබෑමට අවසර නොදෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නියෝග කර තිබේ.

මෙම ගෑස් නෞකාව ශ්‍රී ලංකාවට පැමිණ අදට දින 05 ක් වෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here