ප්‍රමිතියෙන් තොර ජෛව දියර විකුණන පුද්ගලයන් පිළිබඳ සොයා බැලීමක් කරනවා – රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර

0
347

ප්‍රමිතියෙන් තොර ජෛව දියර පොහොර කූට ලෙස මිල ගණන් කැදවමින් විකුණන පුද්ගලයන් පිළිබඳ සොය බැලීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා අද (01දා) පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මේ පිළිබඳ පැමිණිලි ලැබෙමින් තිබෙන බවත් ඒ අනුව මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස සහකාර පොහොර අධ්‍යක්ෂකවරුන්ට දැනුම් දී තිබෙන බවත් රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here