ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි රඟ මඬලින් බැස යයි

0
359

ප්‍රවීණ වේදිකා හා සිනමා නළු සරත් චන්ද්‍රසිරි අභවප්‍රාප්ත වී තිබෙනවා.

මොළයේ අභ්‍යන්තරයේ සිදුවූ රුධිර වහනයක් හේතුවෙන් පසුගිය සති කිහිපය පුරාවට ඒ මහතා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීය.

මීට ඉහත අවස්ථා කිහිපයක දී ම ඔහු මිය ගිය බවට අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍යයන් හරහා පැතිරුණු නමුත්, සහෘද හදවතට කම්පනයක් එක් කරමින් සරත් චන්ද්‍රසිරි ඊයේ රාත්‍රී 12.01ට කොළඹ ජාතික රෝහලේ දී දිවි රඟ මඬලට සමු දුන්නා.

මිය යන විට ඔහු 57 වන වියේ පසු වුණා.

පබා ටෙලි නාට්‍යෙය් සමගිපුර වසන්ත චරිතය රඟ පාමින් ජනප්‍රිය චරිත රැසකට ඔහු පණ දුන්නේය.

වේදිකාව, සිනමාව හා පුංචි තිරය ඔහුගේ රංගනයෙන් හැඩවිය.

අබුද්දස්ස කෝලම, ගුරු තරුව, පුත්‍ර සමාගම, තලමල පිපිලා ඇතුළු වේදිකා නාට්‍ය මෙන්ම දූ දරුවෝ, පබා මෙන්ම හිරු ටීවී ඔස්සේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි, මහවිරු පණ්ඩු, ටෙලි නිර්මාණවලට ද ඔහු රංගනයෙන් දායක වුණා.

මීට අමතරව රාජ්‍ය සේවය පිණිසයි, කුරුලු පිහාටු, රන් කෙවිට, පහ සමත්, සමනල තටු සහ සිකුරු හතේ ඇතුළු සිනමා නිර්මාණ රැසකට ද අභාවප්‍රාප්ත සරත් චන්ද්‍රසිරි රංගනයෙන් එක් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here