තමාගේ නිවෙසට එල්ලවූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ ගැන තමා කිසිසේත්ම සෑහීමට පත් නොවන බව හිරු රූපවාහිනි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ජාතික පුවත්පතකට පවසා ඇත.
නිවෙසට පහරදීමේ සිද්ධිය සම්බන්ධ කාරණයක් ගැන විමසීමට තමා පොලිස්පතිවරයා දුරකථනයෙන් ඇමතීමට කීපවරක්ම උත්සාහ ගත්තත් ඔහු සම්බන්ධකර ගැනීමට නොහැකි වූ බවද සමරවික්‍රම මහතා පැවැසුවේය.
රටේ මහත් ආන්දෝලනයට තුඩු දුන් මෙම සිදුවීම ගැන තවම පරීක්ෂණ පවත්වන්නේ ගල්කිස්ස පොලිස් කොට්ඨාශයේ නිලධාරීන් බව පැවසූ හෙතෙම මෙම පරීක්ෂණය පොලීසියේ විශේෂ අංශයකට පැවරීමට පවා පොලිස්පතිවරයා කටයුතු කර නැතැයිද චෝදනා කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකු හෝ මෙතෙක් අත්අඩංගුවට ගෙන නැතැයිද චමුදිත සමරවික්‍රම මහතා කීවේය. නිවෙසට පහරදීමේ සිද්ධියෙන් පසු තමාට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇතත් මෙතෙක් ඒ සඳහා ක්‍රියාමාර්ග ගෙන නැති බවත් මේ තත්වය යටතේ තමාගේ ජීවිතය තවදුරටත් අනතුරේ පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
තවද අසූචි ප්‍රහාරයකින් ජනප්‍රියත්වයක් සාදාගැනීමට තමන්ට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද චමුදිත සමරවික්‍රම මහතා පවසනවා.
තව දුරටත් ඔහු ප්‍රකාශ කළේ තමුන් රටේ බෙහෝ දෙනා දන්නා චරිතයක් බවත් තමන්ට තවත් රටේ අමුතු ප්‍රසිද්ධියක් අවශ්‍ය නොමැති බවත් දේශපාලන රැකවරණය පතා තමන් එක ලිපියක්වත් ලියන්නේ නැති බවත් පොලීසිය හමුවේ ඇති වගකීම මතක් කර දෙන බවත්ය.
ඔහු මේ පිළිබඳව අහදස් දැක්වූයේ ඔහුගේ නිවසට එල්ල වූ අසූචි ඇතුලු ගල්මුල් ප්‍රහාරය ඔහු විසින්ම කරගන්නා ලද්දක් ලෙස ඇතමුන් හුවාදැක්වූ මතවලට පිළිතුරක් ලෙසයි.