ප්‍රියන්තගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් පංජාබ් පොලිස් අත්අඩංගුවට

0
471

ප්‍රියන්ත කුමාර මහතාට පකිස්තානයේ සියල්කොට් හිදී අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පංජාබ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉමිටියාස් නොහොත් බිල්ලි ලෙස හැඳින්වෙන මොහු රාවල්පිණ්ඩි නුවර දක්වා බස් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇතැයි පංජාබ් පොලිසිය නිකුත් කල ට්විටර් සටහනක සඳහන්.

මොහු ඇතුලු තවත් සැකකරුවන් 08 දෙනෙකුද මෙම සිද්ධියට අදාළව ඊයේ දිනය තුළදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිදුවීමෙන් පසුව සැකකරු විවිධ ස්ථානවල සැගවී සිටිය බව පංජාබ් පොලීසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here