Wednesday, January 8, 2025

ප්‍රියන්ත කුමාරගේ දේහය අද මෙරටට

පාකිස්ථානයේ සියල්කොට් නුවරදී අමානුෂික ලෙස පහරදී ඝාතනය කෙරුණු ප්‍රියන්ත කුමාර දියවඩනගේ මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වී තිබෙනවා.

ඒ අනුව ඔහුගේ හිසේ සිට පාදාන්තය දක්වා මුළු සිරුරම දැඩිව පිළිස්සී ඇති බවට අනාවරණ වූ අතර, ශරීරයේ අභ්‍යන්තර කොටස්වලට දැඩි හානි සිදුව තිබූ බව ද එහි සඳහන්.

ප්‍රියන්ත මහතාගේ හිස්කබලට දැඩි ලෙස හානි සිදුව ඇති බවත්, පිලිස්සීමෙන් ඒ මහතාගේ සිරුරේ පටක 99%ක්ම විනාශ වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

කැපුම් තුවාල හේතුවෙන් වෙන්වී තිබූ සිරුරු කොටස් සකස් කිරීමෙන් අනතුරුව මෘත දේහය ලාහෝර් පොලීසියට භාරදීමට කටයුතු කර ඇති බව ද මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙනවා.

එක් පාදයක් හැරුණු විට සිරුරේ අස්ථි සියල්ලම බිදී ඇති බවත් එහි සදහන් බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කොට ඇත.

දේහය (06) පෙරවරු 10ට ශ්‍රී ලංකාවට එවීමට නියමිතව ඇත.

එරට ලාහෝර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් ගුවන්යානයකින් එම දේහය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතව ඇත.

ප්‍රියන්ත කුමාර දියවඩනගේ දේහය අද දිනයේ ශ්‍රී ලංකාව බලා රැගෙන ඒමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරු ප්‍රියන්ත කුමාර දියවඩනගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 235 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පාකිස්ථාන මාධ්‍ය ප්‍රකාශ කළා.

එමෙන්ම ඔහු සේවය කළ සියල්කොට් නුවර රාජ්කෝ ඇඟළුම් කම්හලේ සේවකයන් 900 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට ද කටයුතු කරන බවයි පාකිස්ථාන බලධාරීන් සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන මොහොමඩ් තල්හා සහ ෆර්හාන් ඉද්රීස් ද සිටින අතර, ඔවුන් හෙළිදරව් නොකළ ස්ථානයකට රැගෙන ගොස් තිබෙනවා.

මේ අතර මෙම ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 13 දෙනා එරට සියල්කෝට් අධිකරණය මගින් ඊයේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඊයේ පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කළ මොවුන් අද පාකිස්ථානයේ ගුජරාන්වාලාහි ත්‍රස්ත මර්දන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට  සැකකරුවන් 120 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේය.

රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් ඇඟළුම් කම්හල මේ වනවිට වසා දමා ඇති අතර, එහි සේවකයන් අත්අඩංගුවට ගැනීමෙන් වැළකීම සඳහා පලායමින් සිටින බව වාර්තා වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles