ප්‍රියන්ත කුමාර ඝාතනය හෙළා දකිමින් පාකිස්තාන සෙනෙට් සභාව යෝජනාවක් සම්මත කරයි

0
488

ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන ප්‍රියන්ත කුමාර ඝාතනය හෙළා දකිමින් පාකිස්තාන සෙනෙට් සභාව යෝජනාවක් සම්මත කර ඇති බව වාර්තා වනවා.මෑතක දී ඝාතනය වූ ශ්‍රී ලංකා පුරවැසි ප්‍රියන්ත කුමාර මහතා සම්බන්ධයෙන් පාකිස්තානයේ සෙනෙට් සභානායක ආචාර්ය ෂෙසාඩ් වසීම් මහතා විසින් ඒකමතික යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.එවැනි සිදුවීම්වලට මුස්ලිම් ආගමේ සම්බන්ධයක් නැති බව එම යෝජනාවේ සඳහන් කර ඇති අතර සෙනෙට් මණ්ඩලයේ දූත පිරිසක් ඔහු වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා මෙරටට යන බවත් සභාපති සෙනෙට් සභාවට ප්‍රකාශ කළා.තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් වේදනාවෙන් සහ පසුතැවිල්ලෙන් පසුවන බව සභානායක ආචාර්ය ෂෙසාඩ් වසීම් මහතා පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here