ප්‍රීමා සමාගමට එරෙහිව පාරිභෝගික සේවා අධිකාරිය වෙත පැමිණිල්ලක්

0
336

තිරිගු පිටි කිලෝවක් සදහා රුපියල් 87ක පාලන මිලක් නියම කර තිබියදී ප්‍රීමා සමාගම විසින් රුපියල් 12 කින් තිරිගු පිටි මිල වැඩි කිරීමට එරෙහිව සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් පාරිභෝගික සේවා අධිකාරිය වෙත පැමිණිල්ලක් කර තිබෙනවා.

අදාළ සමාගම විසින් මෙලෙස තිරිගු පිටි මිල වැඩි කිරීම නීති විරෝධී බවයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා කියා සිටියේ.

මෙලෙස තිරිගු පිටි මිල වැඩිකිරීම මගින් ඉදිරියේදී ආහාර වර්ග රැසක මිල වැඩිවිය හැකි බැවින් වහා මේ සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස රංජිත් විතානගේ මහතා රජයෙන් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here