පාකිස්තානයේ ආර්ථිකයත් හාන්සියි

0
334

වසර 13කට පසු පාකිස්තානයේ ජංගම ගිණුමේ හිඟය මේ වසරේ ජනවාරි මාසය වන විට ඩොලර් බිලියන 2.56 දක්වා අධික ලෙස ඉහළ ගොස් ඇති අතර මේ හේතුවෙන් එරට ආර්ථිකයට දැඩි අහිතකර බලපෑම්වලට මුහුණදීමට සිදුවනු ඇති බව වාර්තා වේ.

මෙහිදී ආනයනය කරන භාණ්ඩ හා සේවාවල වටිනාකම සහ අපනයනය කරන නිෂ්පාදනවල වටිනාකම අතර වෙනස ගණනය කෙරෙන අතර එය මෙවැනි පුලුල් පරතරයක් සටහන් කර ඇත්තේ 2008 ඔක්තෝම්බර් මාසයෙන් පසුවය.

අධික ආනයනය සහ විදෙස්ගත පාකිස්ථානු ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ගලා ඒම පහත වැටීම මෙම හිඟය පුලුල් වීමට බලපෑ ඇති හේතු බව පැවසේ.

ජංගම ගිණුම් හිඟය ඉහළ යාමට ප්‍රධාන හේතුව සම්පුර්ණයෙන්ම මූල්‍යකරණය කරන ලද ආනයනයන් බව පාකිස්තාන රාජ්‍ය බැංකුව සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here