Friday, January 10, 2025

පාකිස්තානයේ ජනප්‍රිය කිරැළ හිටපු අගමැති නවාස් ෂරීෆ්ට

පාකිස්තානයේ නායකයින් සිව් දෙනකු ආශ්‍රිතව සිදුකළ ජනප්‍රියත්ව ශ්‍රේණිගත කිරීමක් මගින් පාකිස්තාන මුස්ලිම් ලීගයේ නවාස් නායක නවාස් ෂරීෆ් ප්‍රධාන ප්‍රදේශ තුනක දී එරට අගමැති ඉම්රාන් ඛාන්ටත් වඩා ඉදිරියෙන් සිටින බව හෙළිවී තිබේ.

නවාස් ෂරීෆ් පන්ජාබ්හි සියයට 58 ක්, සින්ද් හි සියයට 51 ක් සහ කයිබර්පක්තුන්ක්වාහි සියයට 48 ක් වශයෙන් ජනප්‍රියත්ව ප්‍රතිශතයක් ලබා ඇති අතර එම ප්‍රදේශ තුනෙහි පාකිස්තාන වත්මන් අගමැති ඉම්රාන් ඛාන්ගේ ජනප්‍රියතාවයේ කැපී පෙනෙන පහත වැටීමක් සිදුවී ඇත.

අගමැති ඉම්රාන් ඛාන් සින්ද් සහ පන්ජාබ් හි ජනප්‍රියත්වය සියයට 33 ක් ලබා තුන්වන ස්ථානයට පත්ව ඇති අතර සියයට 46ක් සමඟින් කයිබරපක්තුන්ක්වා හි දෙවන ස්ථානයට පත් විය.

පාකිස්තාන මුස්ලිම් ලීගයේ නායක නවාස් ෂරීෆ්, අගමැති ඉම්රාන් ඛාන්, පකිස්ථාන මුස්ලිම් ලීගයේ සභාපති ෂෙහ්බාස් ෂරීෆ් සහ පාකිස්තාන ජනතා පක්ෂයේ සභාපති බිලාවල් බූතෝ සර්ධාරි යන අයගේ ජනප්‍රියත්වය පිළිබඳව රටපුරා පුද්ගලයින් 5000කගේ අදහස් ලබා ගනිමින් දෙසැම්බර් 22 සිට ජනවාරි 31 දක්වා මෙම මත විමසුම පවත්වා තිබිණ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles