Thursday, January 16, 2025

පාකිස්තානයේ පුද්ගල අතුරුදහන්වීම් පිළිබඳව එරට මානව හිමිකම් කොමිසමෙන් අනතුරැ ඇගවීමක් !

පාකිස්තානයේ සිදුවන බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ වාර්තා නිසා පාකිස්තාන මානව හිමිකම් කොමිසම තැති ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉස්ලාමාබාද්හි ක්වායිඩ්-අසාම් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියකු වන හෆීස් බලුච් ඇතුළුව, බලුකිස්තානයේ සහ පාකිස්තානයේ සෙසු ප්‍රදේශවල මෑතක දී සිදුවූ අතුරුදහන්වීම් හේතුවෙන් මේ පිළිබද අවධානය යොමුව ඇතැයි පැවසේ.

පසුගිය බ්‍රහස්පතින්දා ලාහෝර් හිදී ප්‍රකාශයක් නිකුත් කරමින් කොමිසම කියා සිටියේ ක්වායිඩ් අසාම් බලොච් ප්‍රාදේශීය පාසලක ස්වේච්ඡාවෙන් සේවය කරමින් සිටියදී ඔහුගේ සිසුන් ඉදිරිපිටදීම පැහැරගෙනයාමට ලක්ව ඇති බවයි.

බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් අපරාධයක් බවට පත් කිරීමට පකිස්තාන ආන්ඩුව කලින් ලබාදී ඇති පොරොන්දුව දිගින් දිගටම ඉටු නොවීම කණගාටුවට කරුණක් බව ද එම කොමිසම සදහන් කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles