පාකිස්තාන කාශ්මීරයේ දී පකිස්තානයට එරෙහිව විරෝධයක්.

0
349

පකිස්තාන පාලනය යටතේ පවතින කාශ්මීරය හෙවත් අසාද් කාශ්මීරයේ පකිස්තානයට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් පවත්වා තිබේ.

අසාද් කාශ්මීරයේ මුෂාෆර්බාද්හි පැවති මෙම විරෝධතාට දහස් ගණනක පිරිසක් එක්ව සිටි අතර එය සංවිධානය කර තිබුණේ, එක්සත් කාශ්මීර ජනතා පක්ෂය විසිනි.

මීට වසර හැත්තෑහතරකට පමණ පෙර, පකිස්තානයේ මෙහෙයවීමෙන් සිදුවූ ගෝත්‍රික ආක්‍රමණයක් මගින් කාශ්මීරයේ බලය අල්ලා ගැනීමට එරෙහිව මෙම විරෝධතාවය පැවැත්විණ.

කාශ්මීරයට නිදහස ලබා දෙන ලෙසත්, සියලු පකිස්තාන හමුදා සහ පරිපාලන නිලධාරින් කාශ්මීරයෙන් පිටවිය යුතු බවටත් විරෝධතාකරුවෝ මෙහිදී අවධාරණය කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here