පාකිස්ථානයෙන් එවූ කුඩු මාට්ටු!

0
840

රුපියල් 64 කෝටි 77 ලක්ෂ විසි දහසක් වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 16 යි ග්‍රෑම් 193 ක් කොළඹ වරාය පාලන අංශයේ රේගු නිලධාරීන් පිරිසක් විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ වරායට පැමිණි බහාලුමක් තුළ සගවා නීතිවිරෝධී ලෙස මෙම මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට තැත් කර ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා පැවසුවේ.

ඒ, පකිස්තානයේ කරච්චි නුවර සිට පැමිණි නෞකාවක් මඟින්. එහි ශීතකරණ සහිත බහාලුමක් තුළ මෙම හෙරොයින් තොගය තිබූ බව ඔහු සඳහන් කළා.

කොළඹ වරාය පාලන රේගු අංශයේ නිලධාරීන් වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරු මත දීර්ඝකාලීනව සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි මෙම බහාලුම අත් අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම හෙරොයින් තොගය සමග ඒවා ආනයනයට සම්බන්ධ කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු කොළඹ වරාය පාලන රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here