Saturday, September 21, 2024

පාකිස්ථානයෙන් ඉන්දියාවට කාලතුවක්කු ප්‍රහාර

පකිස්තාන ආරක්ෂක අංශ විසින් කාශ්මීරයේ ඉන්දීය පාලන ප්‍රදේශය වෙත කාලතුවක්කු සහ ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සදුදා අලුයම මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

දේශසීමාවේ සම්බා දිස්ත්‍රික්කයේ රාම්රාග් ප්‍රදේශය ආශ්‍රිතව මෙම ප්‍රහාරය එල්ල වී ඇතැයි සදහන් වේ.

මෙය දෙරට අතර පසුගිය පෙබරවාරි 24 සිට ඇති කරගත් නව සටන් විරාම එකගතාවය කඩවූ පළමු අවස්ථාව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2003 වර්ෂයේ සිට දේශසීමාවේ ක්‍රියාත්මක වූ සටන් විරාමය පන්දහස් වතාවකට වඩා කඩවීම හේතුවෙන් පසුගිය පෙබරවාරියේදී මෙම නව සටන් විරාම එකගතාවය ඇති කර ගනු ලැබිණ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles