පාඨලීගේ අලුත් පක්ෂය… – පැන්සලෙන් මැතිවරණයට…

0
339

අප එක්සත් ජනරජ පෙරමුණ වේදිකාව බිහි කළේ බයියන්ට, ටොයියන්ට,නොව වැඩ්ඩන්ට යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පැවැසීය.

මහරගම තරුණ සේවා සභා රඟහලේ  ශ්‍රවණාගාරයේදී එක්සත් ජනරජ පෙරමුණ නමින් නව පක්ෂයක් එළි දැක්වීමේ පසු සභාව ඇමතූ රණවක මහතා මේ බව කියා සිටියේය.

රටට නව බලයක් බිහිවන බව කීවාම නව බලයක් බිහිවන බව කීවාම චෞර ගෝචරවාදි කල්ලිවාදි පිරිස් අවලාද නගනවා. මඩ ප්‍රචාර ගෙන යනවා. මෙ අංශ තුනටම අයත් නැති  පිරිසට වේදිකාවක් හැදීමයි අපේ අරමුණ

පක්ෂ 83ක් තිබියදී ඒ ඇතුළට තවත් පක්ෂයක් ඇයි කියල සමහරු අසාවි. අපට අමැසි හරිත රටක් එසේම රටට සංස්කෘතිත විවිධත්වයක් අවශ්‍යයි. අප කිසි විටෙක පාවාදීම් කර නැහැ. එදි ප්‍රභාකරන්නට රට පරාදවීමට ආසන්නව තිබියදී  අප යුදබිම්වලට පවා ගිහින් අවශ්‍ය දෑ කළා. මාවිල්ආරු සටන ආරම්භ කොට රටට අභයදානය ලබා දුන්නේ අපියි. අප කළ මේ සේවා සමහරුන්ට දැන් මතක නැහැ.

ඒහි ජාතික සංවිධායකවරයා වන්නේ ඉංජිනේරු සුමේද රත්නායකයි. වරලත් ගණකාධිකාරී සුනිල් පෙරේරා පක්ෂයේ භාණ්ඩාගාරිකවරයා ලෙස පත්වුනා. ජනරජ පෙරමුණු පක්ෂයේ උපසභාපතිවරුන් ලෙස පත්වුනේ දර්ශනපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, නීතිඥ ශ්‍රිරාල් ලක්තිලකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here