Saturday, September 21, 2024

පාඨලීගේ නඩුව විභාගයට දින නියම කරයි

2016 වසරේදී රාජගිරියේදී රිය අනතුරක් සිදු කර එහි සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු තිදෙනකුට එරෙහි නඩුව ලබන මස 18 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මාහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද (21) තීරණය කළේය.

තමා රෝගීව නේවාසිකව ප්‍රතිකාර ලබන බව මීට පෙර දිනයේදී අධීකරණයට දැනුම් දුන් පාඨලී චම්පික රණවක මහතා මෙම නඩුව කැදවනු ලැබූ අවස්ථාවේ අධීකරණයේ පෙනී සිටිම සලකා බැලූ විනිසුරුවරයා නඩුව විභාගයට දින නියම කළේය.

මෙහිදී පසුගිය 10 වනදා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී තිබූ පාඨලී චම්පික රණවක සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලින් ඔහුට විශේෂ රෝගී තත්ත්වයක් නොතිබූ බව අනාවරණ වූ බව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් අධිකරණයට දැනුම් දුන්නා.

පාඨලී චම්පික රණවක මහතා සමග මෙම නඩුවේ ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර හා වැලිකඩ පොලීසියේ ස්ථානාධීපතිවරයා ලෙස සිටි සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතා චෝදනා ලබා සිටිනවා.

එම අවස්ථාවේ ඉකුත්දා අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත වූ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා ඉකුත් 11 වනදා මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකරු අසනීපව රෝහල්ගත වී ඇති බව සඳහන් කරමින් වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතාගේ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කෙරුණු බව සිහිපත් කළේය.

මෙහිදී පසුගිය නඩු වාරයේදී චම්පික රණවක අධිකරණය මඟ හැරීම සම්බන්ධයෙන් දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විවෘත අධිකරණයේ කරුණු දක්වමින්, “විත්තිකරු නිත්‍යානුකූල ක්‍රියාපටිපාටීන් අනුගමනය කරමින් මෙම නඩු විභාගය කල්දමා ගැනීමට උත්සාහ කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් අපි විරුද්ධ වන්නේ නැහැ. ඒක ඔහුට තිබෙන නිත්‍යානුකූල අයිතියක්. නමුත් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා සිදුකළ පරීක්ෂණවලින් විත්තිකරු “සාමාන්‍ය” තත්ත්වයේ පසුවන බව සඳහන් කර තිබෙනවා. විත්තිකරු අධිකරණයේ පෙනීසිටීමට සුදුසු සෞඛ්‍ය තත්ත්වයේ පවතින බවත් සඳහන් කර තිබෙනවා,” යනුවෙන් සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරයා නඩුවක් කඩිනමින් අවසන් කිරීම අධිකරණයේ අරමුණ බව සඳහන් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා ඉකුත් 11 වනදා මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකරු අසනීපව රෝහල්ගත වී ඇති බව සඳහන් කරමින් වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතාගේ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කෙරුණු බව සිහිපත් කළේය.

එම වාර්තාව පරික්ෂා කළ අධිකරණය එය නිකුත් කළ වෛද්‍ය ජයවර්ධන මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස අපරාධ කොට්ඨාශයට නියම කළ බව සිහිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා රෝහල්ගතව සිටි චම්පික රණවක මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝගයක් නිකුත් කළ බවත් සඳහන් කර සිටියේය.

ඒ අනුව වැඩි දුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර සිටියේ,

“ස්වාමීනි… අධිකරණය විසින් කරන ලද නියෝගයට අනුව රෝහල්ගතව සිටි විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් නිකුත් කළ වෛද්‍ය ජයවර්ධන මහතාගෙන් අපරාධ කොට්ඨාශය නිලධාරීන් ප්‍රකාශයක් සටහන් කර ගත්තා. එම ප්‍රකාශයට අනුව මෙම විත්තිකරු ඉකුත් 10 වනදා රෝහල්ගත වී තිබෙනවා. වකුගඩු අමාරුව, හුස්ම ගැනීමේ අපහසුව වැනි රෝගී තත්ත්වයන් නිසා රෝහල්ගත වූ බව සඳහන් කර තිබෙන්නේ. මොහුට මාසයක පමණ ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන බව සඳහන් කර තිබුණත් එම වෛද්‍ය වාර්තාව නිකුත් කරන අවස්ථාවේදී විත්තිකරු තමන්ට 11 වනදා නඩුවක් පවතින බව සඳහන් කර නැහැ. මේක බරපතළ තත්ත්වයක්. සාමාන්‍ය පුද්ගලයෙකුට මේ ආකාරයෙන් වෛද්‍ය වාර්තාවක් ලබා ගන්න පුළුවන්ද? මෙය නඩුව චේතනාන්විතව කල්තබා ගැනීමේ අරමුණින් සිදුකළ ක්‍රියාවක්. අධිකරණය විසින් කරන ලද නියෝගයකට අනුව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා විත්තිකාර චම්පික රණවක සම්බන්ධයෙන් පරීක්ෂණ 10 ක් පමණ සිදු කර තිබෙනවා. එම පරීක්ෂණ සියල්ලේම විත්තිකරුගේ සෞඛ්‍ය තත්ත්වය “සාමාන්‍ය” බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා නඩු විභාගය කල්දමා ගැනීමේ අරමුණින්ම විත්තිකරු මෙම ක්‍රියාව සිදුකර තිබෙන බව අපට පෙනී යනවා,” යනුවෙනි.

“ස්වාමීනි.. මේ සඳහා එක්කෝ විත්තිකරු නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාරගත කර නඩු විභාගය පැවැත්විය යුතුයි. එසේත් නැතිනම් එම නඩුව දිනපතා විභාගයට ගත යුතුයි,” යනුවෙන් ඉල්ලීමක් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා නඩු විභාගය කාර්යක්ෂමව හා කඩිනමින් පවත්වාගෙන යා හැකි නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වූ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා විත්තිකරු හදිසියේ රෝගාතුරවීම නිසා ඔහුට රෝහල්ගත වීමට සිදුවූ බව සඳහන් කළේය.

වෛද්‍ය වාර්තා සාවද්‍ය බවට නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද තර්ක විත්තියේ නීතිඥවරයා වන අනුජ ප්‍රේමරත්න මහතා විසින් හාස්‍යයට ලක් කළේය. එහිදී අනුජ ප්‍රේමරත්න මහතා පෙන්වා දී සිටියේ චම්පික රණවක මහතාගේ රෝගී තත්ත්වය විනිශ්චය කර ඇත්තේ ඒ පිළිබඳව සිටින ඉහළම විශේෂඥ සුදුසුකම් සහිත වෛද්‍යවරුන් විසින්, නිසි විද්‍යාත්මක පරීක්ෂණ කිරීමෙන් අනතුරුව බවයි. පසුගිය කාලයේදී සමහරුන් සිංගප්පූරුව වැනි දුර රටවලට ගොස් රෝහල් වල නතර වී අධිකරණයට නොපැමිණ සිටි බව මතක් කළ ප්‍රේමරත්න මහතා චම්පික රණවක මහතා කිසිදු දිනක අධිකරණය මගහැර නැති බව පෙන්වා දුන්නේය. එසේම ඔහු රණවක මහතාගේ රෝගී තත්ත්වය පිළිබඳව දීර්ඝ විස්තරයක් කළේය. දේශපාලන වුවමනා වෙනුවෙන් කටයුතු කරමින් නීතිපති දෙපාර්තමේන්තුව වෛද්‍ය වාර්තා පිළිබඳව කෘතිම සැක ඇති කිරීමට උත්සාහ කිරීම නුසුදුසු බවද ප්‍රකාශ කළේය.

විත්තිකරුට අසනීපයක් වූ විට රෝහල් ගත වන්නේ නඩුව කල් දමා ගැනීමේ අරමුණෙන් නොවන බවත් මෙය තමන්ට තවත් සාමාන්‍ය නඩුවක් බවත් ඔහු සඳහන් කර සිටියේය.

මෙම විත්තිකරුට හෙට දිනයෙත් වෛද්‍ය පරීක්ෂණයකට භාජනයවීමට නියමිතව සිටින බව සඳහන් කළ නීතිඥවරයා නඩු විභාගය කල්තබා ගැනීමේ චේතනාවක් ඔහු තුළ නොවූ බවත් සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles