Tuesday, September 24, 2024

පාඨලීගේ පොතේ අඩංගු ඇතැම් කරැණු සත්‍යයෙන් තොරයි FactResearch නිරීක්ෂණ කණ්ඩායම පවසයි

පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් 43 වන සේනාංක ජාතික සමුළුවේදී එළිදක්වන ලද බලාපොරොත්තු අත්හැර නොගනිමු ගොඩ එම ගොඩනැගෙමු කෘතියේ සදහන් ඇතැම් කරුණු සත්‍යයෙන් තොර කාරණා බව ෆැක්ට් රිසර්ච් නිරීක්ෂණ කණ්ඩායම අනාවරණය කරනවා.

අදාළ කෘතියේ සදහන් පරිදී 2022 වසරේදී ගෙවීමට ඇති විදේශ ණය යනුවෙන් සදහන් කරමින් ඇමෙරිකා ඩොලර් මිලියන 7042ක් දක්වා තිබෙනවා. නමුත් ෆැක්ට් රිසර්ච් නිරීක්ෂණ කණ්ඩායම තමන්ගේ නිරීක්ෂණ වාර්තා මගින් පෙන්වා දෙන්නේ සත්‍ය වශයෙන් 2022 වසර තුළ ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 5506 ක් බවයි.

ඒ අනුව 43 වන සේනාංකය නිකුත් කරන ලද කෘතියේ සදහන් අගය සහ ෆැක්ට් රිසර්ච් නිරීක්ෂණ කණ්ඩායමේ අගය අතර වෙනස ඩොලර් මිලියන 1536 ක් වනවා. ඒ අනුව 43 වන සේනාංකය නිකුත් කරන ලද කෘතිය තුළින් ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය වැඩි අගයකින් පෙන්වා ඇති බවයි මෙම නිරීක්ෂණ කණ්ඩායම පෙන්වා දෙන්නේ. එමෙන්ම අදාළ කෘතිය තුළින් 43 වන සේනාංකය සදහන් කරන බහුපාර්ශ්වීය ණය ඩොලර් 604 සම්බන්ධයෙන්ද මෙම නිරීක්ෂණ කණ්ඩායම කරුණු අනාවරණය කරනවා.

ඔවුන් සදහන් කරන්නේ සත්‍ය වශයෙන් ගෙවිය යුතු බහු පාර්ශ්විය ණය ප්‍රමාණය ඩොලර් මිලියන 557 ක් බවයි. ඒ අනුව මෙහිදීද ඩොලර් මිලියන 47ක අගයක් වැඩිපුර දැක්වීමට 43 සේනාංකය කටයුතු කර ඇති බවයි ෆැක්ට් රිසර්ච් නිරීක්ෂණ කණ්ඩායම පෙන්වා දෙන්නේ. එමෙන්ම අදාළ කෘතියේ සදහන් පරිදී මෙරට විසින් ගෙවිය යුතු වෙනත් ණය ප්‍රමාණය ඩොලර් මිලියන 1200 ලෙස දක්වා ඇති අතර සත්‍ය වශයෙන්ම ගෙවිය යුතු වෙනත් ණය  ප්‍රමාණය ඩොලර් මිලියන 645 ක් බවයි ෆැක්ට් රිසර්ච් නිරීක්ෂණ කණ්ඩායම පෙන්වා දෙන්නේ.

ඒ අනුව එහිදීද ඩොලර් මිලියන 555ක වැඩි ණය ප්‍රමාණයක් පිළිබදව 43 වන සේනාංකය නිකුත්කරන ලද කෘතියෙහි සදහන් කර ඇති බව මෙම නිරීක්ෂණ කණ්ඩායම තවදුරටත් පෙන්වා දෙයි.

Colombo Tribune

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles