පාඨලීගේ රිය අනතුරු නඩුව නොැමිබර් 30 විභාගයට

0
345

2016 වසර රාජගිරියේ දී සිදුවූ රිය අනතුරට සම්බන්ධ පාඨලී චම්පික රණවක මහතා සහ ඔහුගේ රියදුරු ලෙස සිටි තුසිත කුමාර හා වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති සුදත් අස්මඩල යන අයට එරෙහි නඩුව මෙම මස 30 දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද තීරණය කළේය.

එම රිය අනතුරෙන් පසු අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීම ඇතුලු චෝදනා වලට අදාළව මෙම චෝදනා ගොණු කර ඇත්තේ පාඨලී චම්පික රණවක මහතා, ඔහුගේ රියදුරු ලෙස කටයුතු කල දිලුම් තුසිත කුමාර සහ එවක වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කල සුදත් අස්මඩල යන මහත්වරුන්ට එරෙහිවයි.

පැමිණිල්ල අද කැඳවනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here