Monday, January 13, 2025

පාඨලී චම්පික CID යට

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කැඳවීමකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

යහපාලන ආණ්ඩුව සමයේ පැවැති මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ‘‘යකඩ මිනිසා’’ නමින් රුපියල් කෝටි පහළොවක් වැය කළ ව්‍යාපෘතියකදී සිදු වූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කැඳවීමකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

මෙම ව්‍යාපෘතියේදී එක් පුද්ගලයෙකුගේ කීර්තිනාමය ඉහළ නංවන්න කටයුතු කළ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලට අනුව ප්‍රකාශ ලබා ගැනීමට මෙම කැඳවීම කර තිබේ.

මෙම විමර්ශනය සම්බන්ධයෙන් ව්‍යාපෘතියට අදාළව රජයේ නිලධාරීන් 35 දෙනකුගෙන් දැනට ප්‍රකාශ ලබාගෙන ඇතැයි අ පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි. ව්‍යාපෘතිය සඳහා එක්තරා පෞද්ගලික රූපවාහිනී නාළිකාවකට ගෙවීමට ඇති රුපියල් මිලියන 75ක වව්චරයක් ගෙවීමට ඉල්ලා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට කළ ඉල්ලීමකින් පසු මේ සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුවිය. අමාත්‍යාංශ ලේකම්වරයා මෙම පැමිණිල්ල යොමුකර ඇත්තේ 2020 නොවැම්බර් 23 වැනිදාය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles