Thursday, October 31, 2024

පාදයාත්‍රාවේ ගුටිකෙලියක් – සන්ධාන මන්ත්‍රී රිමාන්ඩ්

පසුගිය දිනවල නුවර සිට කොළඹට පැවැත්වූ පාදයාත්‍රාව සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු සහ වයඹ පළාත් සභා මන්ත්‍රීවරුයෙකු වන තම්මහෙට්ටි මුදලිගේ ටෙනිස් මල්රාජ් පීරිස් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් ගැටුමක් හටගෙන පසුව හිටපු මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් පළාත් සභා මන්ත්‍රීවරයාට එරෙහිව මීගමුව පොලීසියට පැමිණිලි කර ඇත.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මීගමුව පොලීසිය මෙම ගැටුම ඇතුවූවේ යැයි පැවසෙන අවහන්හලේ සීසීටීවී දර්ශනද පරීක්ෂා කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ පළාත් සභා මන්ත්‍රීවරයා ගිණිඅවියක්ද අතැතිව සිටින බවය.

පසුව පොලීසිය විසින් එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු 5දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා ඊයේ (2) නියෝග කර ඇත.

සිද්ධිය සිදුවී ඇත්තේ සැකවින් මෙසේය.

පළාත් සභා මන්ත්‍රී මල්රාජ් පීරිස් මහතා තම හිතවතුන්ද සමඟ පසුගිය 31වනදා නිට්ටඹුවට ගොස් පාද යාත්‍රාවට සහභාගිවී ඇත. මද දුරක් ඇවිද ගිය ඔවුන් ඇති වූ ගිමන් විඩාව නිසා ආපසු හැරී අවන්හලකට ගොස් තිබේ.

එලෙසම ගමන් විඩාව නිසා එම ස්ථානයට පැමිණ ඇති පැමිණිලිකාර හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාද ගිමන්හරිමින් මදක් සිට “සෙනඟ අඩුයි නේද?” කියා පවසමින් මල්රාජ් මන්ත්‍රීවරයා සමඟ කථාබහට එක් වී ඇත. මල්රාජ් මන්ත්‍රීවරයා “උඹ කොහොමද ඔහොම කියන්නේ? උඹලගෙ හැටි මම දන්නවානේ” කියමින් දෙදෙනා අතර උණුසුම් ලෙස දේශපාලන කථාබහක් හටගෙන තිබේ.

මේ අවස්ථාවේ මල්රාජ් පීරිස් මන්ත්‍රීවරයා තම අත තිබූ රිවෝල්වරයද අතැතිව මෙම උණුසුම් වචන හුවමාරුවට සහභාගිවී ඇත. එම අවන්හලේ සී.සී.ටී.වී. කැමරා පද්ධතියේද එම මන්ත්‍රීවරයා ගිනිඅවිය අතැතිව සිටින දර්ශන සටහන්වී ඇතැයි මීගමුව පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles