Tuesday, September 24, 2024

පාද යාත්‍රාවට පෙර බැසිල්, විමල් ඇතුලට යන හැඩයි …?

ඒකාබද්ධ විපක්ෂය පවසන අන්දමට, ඉදිරි දින කිහිපය තුලදී බැසිල් රාජපක්ෂ මහතා හා විමල් විරවංශ යන හිටපු ඇමතිවරුන් අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතිනවා.

දිවිනැගුම ව්‍යාපෘතියේ සිදුවූවා යයි කියන අයතා ගනුදෙනුවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින බැසිල් මහතාව හෙට පෙරවරුවේ FCIDයට කැඳවා ඇත.

මේ අතර, චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් විමල් විරවංශ මහතාට ද ලබන 26දා පොලිසියට වාර්තා කරන ලෙස දැනුම්දී ඇත. ආණ්ඩුවට එරෙහි පාද යාත‍්‍රාවට පෙර ඒකාබද්ධ විපක්ෂයේ තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව මේ සම්බන්දව අදහස් දක්වමින් මහින්ද මහතා පවසා ඇත. මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ, සැලසුම් සහගත ලෙස ආණ්ඩුව එය කි‍්‍රයාත්මක කරමින් සිටින බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles