Sunday, September 22, 2024

පාද යාත්‍රාවට යන ශ්‍රීලනිප සාමාජිකයන්ට ඉදිරියේ වෙන දේ මෙන්න – ශ්‍රීලනිප මහලේකම්

ශ්‍රීලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පක්‍ෂයේ අනුමැතියකින් තොරව පක්‍ෂයේ නම භාවිත කරමින් පා ගමන් පැවැත්වීම නීති විරෝධී බවත්, එවැනි පා ගමනකට සහභාගි වන පක්‍ෂ සාමාජිකයන්ට ඉදිරියේදී සිදුවන දේ බලාගත හැකි වනු ඇති බවත් ප්‍රකාශ කලේය.

අමාත්‍යවරයා මේ බව අනුරාධපුර තිරප්පනේ පතිරාජගම නිවාස පනහ ගම්මානයේ පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයෙන් පසු මාධ්‍යවේදිනී නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සදහන් කලේය.

ඕනෑම කෙනකුට පා ගමන් යැමේ නිදහස තිබෙන බවද රජයට එරෙහිව කවුරුන් හෝ පාද යාත්‍රා එකක්‌ නොව සියයක්‌ පැවැත්වුවත් එමගින් ආණ්‌ඩුවට හෝ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට ගැටලුවක්‌ නොමැති බවත් ඔහු කීවේය.

අපි කිසිම පුද්ගලයකුට බලහත්කාරයෙන් පක්‍ෂය නියෝජනය කොට මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියන්නේ නෑ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් එළැඹෙන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට අපේක්‍ෂා කරන අය අප පක්‍ෂයෙන් නාමයෝජනා ඉල්ලා සිටියා. මේ දිනවල එම සම්මුඛ

පරීක්‍ෂණවලට සහභාගි වීමට කැඳවීම් ලිපි යෑවූ විට සමහර හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන් එම ලිපි ඉරා දමා චණ්‌ඩි වගේ මාධ්‍ය සංදර්ශන තියෙනවා අපි දැක තිබෙනවා. ඒ අයට තිබෙන චෝදනා අපට වහන්න බෑ කියා වැඩි දුරටත් අදහස් දක්වමින් එතුමා පැවසීය.

පක්‍ෂය තුළ ඉඳගෙන පක්‍ෂය තුළ බෙදීමක්‌ ඇති කිරීමට කටයුතු කරන අය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගත යුතු බවට පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව දැඩි තීන්දුවක සිටින බවද නමුත් පක්‍ෂය ශක්‌තිමත් කිරීම සඳහා එම නීති ක්‍රියාත්මක නොකර පක්‍ෂය හදන්න අපි මේ දිනවල වෙහෙසෙන
බවද මේ වගේ පිස්‌සු වැඩ කරන පුද්ගලයන්ට නාමයෝජනා දෙන්න නෙවෙයි වටින්නෙ පිස්‌සන් කොටුවට අරින්නයි කියා ඇමති වරයා පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles