Tuesday, November 26, 2024

පාද යාත්‍රාවෙන් සමාධියට ගෞරව…

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයෙකු වන එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක සමාධියට ගල් ගසයි යනුවෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය සිතීම වැරදි සහගත බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන සටන පාද යාත්‍රාව හොරගොල්ල, බණ්ඩාරනායක සමාධිය අසළට ළඟා වූ අවස්ථාවේදීය.

හොරගොල්ල, බණ්ඩාරනායක සමාධිය අසළින් පාද යාත්‍රාව ගමන් කරද්දී සටන් පාඨ නවතා, කොඩි පහත් කර, හිස් වැසුම් ගලවා නිහඬව ගමන් කිරීමටද පිරිස කටයුතු කර තිබේ.

මෙහිදී අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ “රජය අපට කොතරම් බිය වෙලාද කියනවානම් කොළඹ, යුනියන් පෙදෙසේ පිලිප් ගුණවර්ධන පිටියේ (හයිඩ් පිටිය) රජයේ වියදමින් වළවල් හාරනවා” යනුවෙනි.

පාද යාත්‍රාව අවසානයේ පවත්වන රැළිය සඳහා මෙම පිටිය වෙන් කර ගත් බවද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

නමුුත් ඒ සඳහා වෙන්කර ඇති හයිඩ් පිටිය නඩත්තු කටයුත්තක් සිදුකරන බැවින්  එය ලබාදිය නොහැකි බව නිලධාරීන් ප්‍රකාශ කර ඇති බවද වාර්තා වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles