පාද යාත්‍රාව තෙවන දිනය, අද නෙළුම්දෙණියෙන් ඇරඹෙයි

0
378

ඒකාබද්ධ  විපක්ෂය විසින් සංවිධානය කරන පාද යාත්‍රාව අද(30) දිනයේ නෙළුම්දෙණියේ සිට යළි ගමන් ආරම්භ කරන බව සංවිධායකයින් පවසයි.

පාද යාත්‍රාව පසුගිය 28 වනදා පේරාදෙණියෙන් ආරම්භ කෙරුණි.

පළමු දිනයේ එය හිඟුල ප්‍රදේශයට පැමිණි අතර දෙවන දිනය වූ ඊයේ(29) පාද යාත්‍රාව මාවනැල්ල, උතුවන්කන්දෙන් ආරම්භ කෙරුණි.

ඊයේ දිනයේදී පාද යාත්‍රාව නෙළුම්දෙණියෙන් අවසන් කළේය.

නෙළුම්දෙණියේ සිට නිට්ටඹුව ප්‍රදේශය දක්වා පාද යාත්‍රාව අද දිනයේ ගමන් කරන බව සඳහන්ය.

පාද යාත්‍රාව වැළැක්වීම සඳහා ආණ්ඩුව සෑම උත්සාහයක්ම ගනිමින් සිටින බව සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා පවසයි.

මේ අතර පාද යාත්‍රාව පොදු ජනතාව වෙනුවෙන් සිදුවන්නක් නොවන බව කබීර් හෂීම් අමාත්‍යවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here