පාද යාත්‍රාව හිඟුලින් අද නතරවෙයි..

0
429

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ලද පාද යාත්‍රාව ගනේතැන්න, හිඟුල ප්‍රදේශයෙන් අවසන් වී තිබේ.

අද පෙරවරුවේ පේරාදෙණිය ප්‍රදේශයෙන් පාද යාත්‍රාව ආරම්භ වුණි.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ සහභාගීත්වයෙන් පා ගමන ආරම්භ වූ අතර ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වී සිටියේය.

මෙම පාද යාත්‍රාව මහනුවර නගරයෙන් ආරම්භ වීමට නියමිතව තිබූ අතර පොලීසිය ලබාගත් අධිකරණ නියෝගයක් හේතුවෙන් පාද යාත්‍රාව ආරම්භ කිරීම පේරාදෙණිය ප්‍රදේශයෙන් සිදුකෙරුණා.

කොළඹ –  නුවර මාර්ගය ඔස්සේ පැමිණි පාද යාත්‍රාව හිගුල ප්‍රදේශයෙන් අවසන් කෙරුණි.

දින 4ක් වන මෙම පාද යාත්‍රාව ලබන ලබන 01 වැනිදා කොළඹට පැමිණීමට සැලසුම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here