Saturday, December 28, 2024

පාන් ගෙඩියක් බෙහෙතකටවත් ගන්න නැතිවෙයි

දිරියේදී විශාල පාන් හිඟයක් ඇතිවිමට ඉඩ ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

බේකරි හිමියන් මේ වන විට කබලෙන් ලිපට වැටී ඇති බවත් පිටි මිටියක් සොයාගත නොහැකි තත්ත්වයකට රට පත්ව ඇති බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

මේ වන විට මෙරට තුළ බේකරි රාශියක් වසා දමා ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සදහන් කළේය.

රජයට කියනවා ඉතාමත් ඉක්මනින් මේ පිළිබඳව මැදිහත් වෙලා සැලකිලිමත් වෙන්න කියලා. නැත්නම් විශාල අර්බුදයකට මුහුණ දෙන්න සිදුවෙනවා. විශේෂයෙන්ම පාන් පෝලීමේ ගිහිල්ලවත් පාන් ගෙඩියක් මිලදි ගන්න බැරි තත්ත්වයට සාමාන්‍ය ජනතාවට මුහුණ දෙන්න සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

මේ අතර තිරිඟු පිටි කිලෝවක් රුපියල් 150 කට නිල නොවන මට්ටමින් අළෙවි කරන බවත් රට තුළ පවතින තිරිඟු පිටි හිඟය හේතුවෙන් වැඩි මිලට පිටි මිලදීගෙන බේකරි කර්මාන්ත පවත්වාගෙන යෑමට නොහැකි බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

තිරිඟු පිටිවල පාලන මිල ඉවත්කිරීමෙන් පසු පිටි කිලෝවක් රුපියල් 115 කට පැවතුණ ද ඉන්දියාවෙන් ආනයනය කරන නව තිරිගු පිටි වර්ගයක් වැඩි මිලට අළෙවි කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles