Friday, September 20, 2024

පාන් ගෙඩියක මිල යළි ඉහළ ලකුණු!

ඉදිරියේදී පාන් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා අද (06) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පැවසුවේ ගෑස් සහ තිරිගු පිටි හිඟය හේතුවෙන් එම තත්ත්වය උද්ගත වී ඇති බවය.

පවතින අර්බුදකාරි තත්ත්වය හේතුවෙන් බේකරි 1,000කට අධික සංඛ්‍යාවක් මේ වන විට වසා දමා ඇති බව ද ජයවර්ධන මහතා වැඩිදුරටත් පෙන්වා දුනි.

ප්‍රවාහනය සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීම ද බේකරි කටයුතු පවත්වාගෙන යාමට බරපතළ ගැටලුවක් වී ඇති බව බේකරි හිමියන්ගේ සංගමයේ එන්.කේ. ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“මේ විදිහට යනකොට ඉදිරියේදී මම හිතන්නේ පාන් ගෙඩිය රුපියල් 100කම් පනිනවා අනිවාර්යෙන්ම. පාන්ගෙඩිය රුපියල් 100න් ඉහළ යනවා. 100 නෙමෙයි 150ට යන්නේ නැතුව නැවතුනොත් ඇති. මේ තියෙන බඩු ගණන් අරවා මේවා සේරම ප්‍රශ්නත් එක්ක අන්වාර්යෙන්ම පාන් ගෙඩියක් රුපියල් 100ට වැඩියෙන් විකුණන් වෙනවා. 100 අඩුවෙන් විකුණවානම් ඒ නියමිත බර තියෙන පාන් ගෙඩියකක් නෙමෙයි. “

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles