පාන් ගෙඩියේ සිට ත්‍රීරෝද රථ ගාස්තුවේ සිට සියලුම භාණ්ඩ හා සේවා අද සිට ඉහළට…

0
298

ඉන්ධන මිලෙහි සිදු වූ අධික වැඩිවීම හේතුවෙන් ත්‍රීරෝධ රථ සඳහා අයකරන අවම ගාස්තුව රුපියල් 80/=ක් දක්වා ඊයේ ඉහළ දැමූ අතර, බස්ගාස්තු වැඩිවීම හෝ යම් සහනාධාරයක් බස් හිමියන් අපේක්ෂා කරනවා. එසේ නොමැතිවුවහොත් බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට සිදුවන බව ඔවුන් පවසනවා.

එමෙන්ම ප්‍රවාහන ගාස්තු ඉහළ යාමත් සමග බේකරි නිෂ්පාදන ඇතුළු නිෂ්පාදන රාශියක මිල පාවීමට සහ එහි මිල තීරකයා ලෙස නිෂ්පාදකයා හෝ වෙළෙන්දා පත්ව තිබෙනවා.

ආනයනික භාණ්ඩ මිල 20%කින් වැඩිවන අතර ඊට හේතුව වන්නේ බහාලුම් ගාස්තු සහ ඊට සමගාමී සේවා සැපයුම් ගාස්තු ඉහළ යාමයි.

උත්සව සමයේ පාරිභෝගික ද්‍රව්‍ය වල මිල ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගයට ගමන්කර තිබෙනවා. ඒ අතර තුර රටෙ උද්ධමනය 3%කින් වැඩිවී ඇති බව ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා පවසා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here