පාන් පිටි මිටියක් 21000 යි!

0
256

කිලෝග්‍රෑම් 50 ක තිරිඟු පිටි මිටිය වෙළෙඳපොළේ රුපියල් 21,000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසුවේ, පවතින තත්ත්වය යටතේ ග්‍රාමීය ප්‍රදේශවල බේකරි රැසක් වැසී ගොස් ඇති බවයි.

මේ අතර, ඇණවුම් කළ තිරිඟු පිටි තොග දිවයිනට ලැබීමත් සමග පිටි මිල අඩුකිරීමට හැකිවනු ඇතැයි වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here