පාප්වහන්සේගෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ඉල්ලීමක්

0
849

සෑම විටම සදාචාරාත්මක වටිනාකම්වලට ගරු කරමින් කටයුතු කරන්නැයි ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ අමෙරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

විදෙස් වාර්තාවල දැක්වෙන්නේෙ දුප්පතුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස ද පාප්වහන්සේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා ඇති බවයි.

මේ අතර අමෙරිකානු නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දීමෙන් පසු ඔහුට විරෝධය පළ කරමින් බ්‍රිතාන්‍යයේ ද ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ සිදුව ඇත.

සී.එන්.එන්. රූපවාහිනිය පවසන්නේ අමෙරිකාවේ සිදු කෙරුණු උද්ඝෝෂණවලදී පොලිසිය සහ උද්ඝෝෂකයින් අතර ගැටුම් ද ඇති වූ බවයි.

කළහකාරීව හැසිරුණු උද්ඝෝෂකයින් 217 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වොෂින්ටන් නුවර කෙරුණු උද්ඝෝෂණයක් අතරවාරයේ වෙඩි තැබීමක් ද සිදුව ඇති බවයි නිව්යෝර්ක් ඩේලි නිවුස් වෙබ් අඩවිය පැවසුවේ.

එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here