Monday, September 23, 2024

පාප් වහන්සේගෙන් කාදිනල් තුමන්ට ලිපියක්

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සිදුකරන සියලු කාර්‍යයන් වෙනුවෙන් අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බවට දන්වමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ තමා වෙත සිය අත් අකුරින්ම ලිපියක් එවා ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා පැවසූහ.

ශ්‍රී ලංකාවේ සිදුවන කණගාටුදායක ක්‍රියාදාමයන් පිළිබඳව දැඩි ලෙස අවධානයෙන් පසුවන බවටත්, ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් නිරතුරු දෙවිඳුන් යදින බවටත්, ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ එහි සඳහන් කර ඇතැයි කාදිනල්තුමෝ සඳහන් කළහ.

පාස්කු ඉරුදින ප්‍රහාරයට ජාත්‍යන්තර සහය ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් යොමුකළ ලිපියට පිළිතුරක් ලෙස පාප්වහන්සේ මෙම ලිපිය එවා ඇත.

කාදිනල්තුමන් මේ බව පැවසුවේ “පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ශ්‍රී ලාංකික යුක්ති සංසදය” සංවිධානය කළ දෙවන දැනුවත් කිරීමේ වැඩසටහනේදී අදහස් දක්වමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles