Saturday, January 11, 2025

පාරවල් හදන්නැයි ජනතාව කියනවා

දිවයින පුරා ඇති ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන (I-Road) යටතේ ඇති අනෙකුත් දිස්ත්‍රික්වලද මාර්ග සංවර්ධනය හොද ප්‍රගතියක් අත්පත් කරගෙන යමින් ඇති බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

තමන් මහාමාර්ග අමාත්‍යවරයා ලෙස රාජකාරි ආරම්භ කරන විට ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන (I-Road) යටතේ ක්‍රියාත්මක කර තිබූ මාර්ග ඉදිකිරිම් වල ප්‍රගතිය ඉතා අවම මට්ටමක පැවති බවත් තමන් එම ව්‍යාපෘතීන් පිළිබද පෞද්ගලිකවම විමර්ශනය කිරීමෙන් අනතුරුව මාස 03ක් ඇතුලත ඒවායේ ප්‍රගතිය ප්‍රශස්ථ මට්ටමට ගෙන ඒමට කටයුතු කරන ලෙස ව්‍යාපෘතිභාර අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්ට සහ කොන්ත්‍රාත් සමාගම් වල නියෝජිතයින්ට උපදෙස් ලබාදුන් බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

ඒ අනුව මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය මේ වන විට වර්ධනය වී ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.උදාහරණයක් ලෙස 20%ක්ව තිබූ නැගෙනහිර පළාතේ ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනේ (I-Road) ප්‍රගතිය අද වන විට 80%ව දක්වා සීඝ්‍ර වර්ධනයක් වී ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

මාර්ග සංවර්ධනය කල යුතු බවට ජනතාව විසින් ලබා දෙන ඉල්ලීම් ප්‍රමාදයකින් තොරව අවසන් කරන ලෙසට පලාත් අධ්‍යක්ෂවරුන් වෙතද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් උපදෙස් ලබා දෙන ලදී. මාර්ග වල මැනීම් කටයුතු, ඇස්තමේන්තු සකස් කිරිම, ටෙන්ඩර් ලබාදීම යනාදී කටයුතු ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කරන ලෙස මෙහිදී වැඩිදුරටත් උපදෙස් ලබා දෙන ලදී. මාර්ග ඉදිකිරිම සදහා ජනතාව ලබා දෙන ඉල්ලීම් නොසලකා හැර ප්‍රමාද කරන බවට තමන් වෙත ජනතාව පැමිණිලි කර ඇති බව පැවසූ අමාත්‍යවරයා කොවිඩ් වසංගතය මධ්‍යයේ වුවද සංවර්ධන කටයුතු නොකඩවා සිදු කරන ලෙසත් ජනතා ඉල්ලීම් කිසිවිටකත් ප්‍රතික්ෂේප නොකරන ලෙසත් ඒවා ප්‍රමාද නොකරන ලෙසත් ප්‍රකාශ කරන ලදි.

මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයාව සිටි සමයේ මෙම ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන (I – Road) ආරම්භ කල බවත් මේ වන විට ඉන්දියාව, බංගලාදේශය වැනි දකුණු ආසියානු රටවල් වල ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරිම සදහා මෙම I – Road මොඩලය භාවිතා කරන බව ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ආචාර්ය චෙන් චෙන් (Dr. Chen Chen) මහතා පසුගියදා තමන් හමුවූ අවස්ථාවේ ප්‍රකාශ කල බව අමාත්‍යවරයා මෙහිදී ව්‍යාපෘතිභාර නිලධාරීන් වෙත ප්‍රකාශ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles