Friday, September 20, 2024

පාර්ලිමේන්තුවට කෝටි විසිදාහක ප.ඇස්තමේන්තුවක් එයි

කොරෝනා පාලන කටයුතු සහ රජයේ අනෙකුත් වියදම් සඳහා  රුපියල් කෝටි විසිදාහක මුදලක් අනුමත කර ගැනීම සඳහා  පරිපූරක ඇස්තමේන්තුවක්  පාර්ලිමේන්තුවට  ලබන 22 වැනිදා  ඉදිරිපත් කිරීමට නියමිතය .

මෙම මුදල් වෙන් කෙරෙන්නේ කොවිඩ්  මර්දන එන්නත් මිලදී ගැනීම සහ කොවිඩ් වසංගතයෙන් බලපෑම් එල්ලවූ කණ්ඩායම් හා ආර්ථික අංශ සඳහා සහන සැලසීම සඳහා  යැයි  මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා පැවසීය .

මෙය දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 1.5 ක පමණ මුදලකැයි සඳහන් වේ .

කොරෝනා  වසංගතයෙන් පීඩාවට පත්ව සිටින අඩු ආදායම්ලාභී ජනතාව සඳහා රුපියල් 5000 ක දීමනාවක් ගෙවීමේ වැඩපිළිවෙළක් රජය දැනටමත් අරඹා ඇත .

මේ අතර පාර්ලිමේන්තුව ලබන 22 වැනිදා  රැස්වීමට නියමිතය . එම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන  ආකාරය සම්බන්ධයෙන් අවසන්  තීරණයක් ගැනීම  සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (21) පැවැත්වේ .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles