පාර්ලිමේන්තුවේත් කොරෝනා අවදානම ඉහලට; වෛද්‍ය මධ්‍යස්ථානයත් වහයි

0
303

කොවිඩ් අවදානමක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානය තාවකාලිකව වසා දමා ඇතැයි වාර්තා වේ.
එම වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවය කරණ වෛද්‍යවරියකගේ ස්වාමිපුරුෂයකුට කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් එම මධ්‍යස්ථානය තාවකාලිකව වසා දමා ඇත.

එම වෛද්‍යවරිය සිය නිවෙසේ නිරෝධායනයට යොමුවී සිටින බවද පැවසේ.

එම වෛද්‍යවරියට සහ වෛද්‍ය මධ්‍යස්ථානයේ අනෙකුත් සේවක සේවිකාවන්ට සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී ඔවුන්ට කොවිඩ් ආසාදනයවී නැතැයි  තහවුරු වී ඇති බවද මේ අතර වාර්තා වේ.
වෛද්‍ය මධ්‍යස්ථානය විෂබීජහරණය කිරීමට ඊයේ (10) පියවර ගෙන ඇති අතර එම මධ්‍යස්ථානය සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව අද (11) නැවතත් විවෘත කිරීමට නියමිතය.

මේ අතර පාර්ලිමේන්තුවේ විවිධ අංශවලින් කොවිඩ් රෝගීන් පස් දෙනකු පමණ පසුගිය දින කිහිපයේදී හමුවී ඇතැයි ද ලංකාදීප වාර්තා කර තිබේ.

මෙම කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් කාණ්ඩ වශයෙන් එහි කැඳවීමට පාර්ලිමේන්තු බලධාරීන් තීරණය කර ඇති බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here