Saturday, September 21, 2024

පාර්ලිමේන්තුවේ PCR කරගත්තේ 225න් 32යි ලු

මැතිඇමැතිවරුන් තිදෙනෙකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වීමෙන් පසු පාර්ලිමේන්තුවේ සියලුම මැතිඇමැතිවරුන්ටත්, කාර්ය මණ්ඩලයන්ටත් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරනු ලැබූවද ඒ සදහා සහභාගී වී ඇත්තේ මැතිඇමැතිවරුන් 32ක් පමණි.

කෙසේවුවත් සාමාන්‍ය ජනතාව අතරින් කොරෝනා රෝගියකු මතුවී විට සියලු දෙනා පරීක්ෂණ සදහා බදුන් කිරීමටත්, නිරෝධායනය කිරීමටත් කටයුතු කරන අතර බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන රැසකදී අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමටද කටයුතු කර ඇත.

එසේ තිබියදී පාර්ලිමේන්තු මැතිඇමැතිවරුන් 225 අතරින් 32ක් පමණක් පී.සී.ආර්. සිදුකරගැනීම සම්බන්ධයෙන් ජනතාව අතර විශාල විරෝධයක් මතුව ඇති බවද වාර්තා වේ.

මෙම පරීක්ෂණවලට සහභාගී වූ කිසිදු මන්ත්‍රීවරයකුට කොරෝනා ආසාදනය වී නොමැති බවද තහවුරු වී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles