පාර්ලිමේන්තුව අද සිට දින 04 ක් රැස්වෙි

0
244

පාර්ලිමේන්තුව අද සිට දින 04 ක් රැස්වෙි.

අද පෙ.ව 10.00 සිට පෙ.ව 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහායි වෙන් වන්නේ.

අද පෙරවරු 11.00 සිට පස්වරු 4.30 දක්වා 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග ද්විත්වයක් සහ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම) විවාදයට ගැනීමට නියමිතයි.

ඒ අනුව එම අරමුදලේ සභාපතිවරයා ලෙස මෙතෙක් කටයුතු කළ අග්‍රවිනිශ්චයකාරවරයා වෙනුවට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු හෝ විශ්‍රාමික විගණකාධිපතිවරයකු පත්කිරීමට සංශෝධන ඉදිරිපත් කරනු ඇත.

එමෙන්ම එම අරමුදලේ සාමාජිකයකු ලෙස මෙතෙක් කටයුතු කළ එහි විෂය භාර අමාත්‍යවරයා වෙනුවට ඔහු පත්කරනු ලබන නියෝජිතයකු එම සාමාජික ධුරය දැරීම සඳහා පත් කිරීමේ සංශෝධනයද ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here