පාර්ලිමේන්තුව මාර්තුවේදී විසුරුවයි

0
823
SANYO Digital Camera

පළාත් සභා ඡන්දයට පෙර  මහ මැතිවරණය පවත්වන බවත්  ලබන මාර්තු මාසයේදී  පාර්ලිමේන්තුව අනිවාර්යෙන් විසුරුවන බවත්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  පවසයි.

ඊයේ (16) වැනිදා පැවැති පුවත්පත් කතුවරුන්ගේ  සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපතිවරයා මේ බව කීවේය.

තමාට කටයුතු කරගෙන යාමට  ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍ය බවත්  මේ  පාර්ලිමේන්තුව තුළ  එය කළ නොහැකි  බවත්  ජනාධිපතිවරයා කීවේය.

කල් දමනු ලැබූ මැතිවරණ සියල්ල පැවැත්වීම තමාගෙත්  අගමැතිවරයාගෙත්  අදහස බව කී  ජනාධිපතිවරයා  පළාත් සභා ඡන්දය පැවැත්වීමේ තීරණය ගනු ලබන්නේ පාර්ලිමේන්තුව විසින් බවද හෙතෙම පැවසීය.

මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ කුමන  ලකුණකින්දැයි මාධ්‍යවේදීයකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන්  ජනාධිපති රාජපක්ෂ මහතා  එය සාකච්ඡා කර තීන්දු කරන බවද කීවේය. අගමැතිවරයා විසින්  මැතිවරණ  මැතිවරණය  මෙහෙයවන  ලබන බවත්  බැසිල් රාජපක්ෂ මහතා එහි  යාන්ත්‍රණය සකස් කරනු ඇති බවත්  කී ජනාධිපතිවරයා  තමාද ඊට සහය දෙන බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here