දින 3ක් ඇතුළත 7 වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාටත් කොරෝනා ආසාදනය වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාට කොරෝනා ආසාදනය වී ඇත.
එමෙන්ම රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙයි. ඔවුන් නිරෝධායනය සඳහා යොමුව ඇත.
රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර මහතා කොරෝනා ආසාදනය වූ 6 වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාය.
ඊයේ දිනයේ දිලුම් අමුණුගම සහ රෝහිණී කවිරත්න යන දෙදෙනා ආසාදිතව ඇති බව තහවුරු වූ අතර පෙරේදා දිනයේදී සාරතී දුෂ්මන්ත සහ කෝකිලා හර්ෂණී ගුණවර්ධන යන අයටද රෝගය වැළදී තිබිණ.
සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්නත්, පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්රීනී කෝකිලා හර්ෂණී ගුණවර්ධනත් (සැමියා හා දුවද ඇතුළුව),පොදු ජන පෙරමුණේ කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී සාරතී දුෂ්මන්තත් (බිරියද ඇතුළුව), පොදු ජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී නාලක කෝට්ටේගොඩත් කොරෝනා නිසා නිරෝධායනයට යොමුව ඇතැයි මින් පෙර වාර්තාවිය.
මේ දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කරන 56 කට කොරෝනා වැළඳී ඇත.